බලශක්ති අරපිරිමැස්ම අස්සේ වෙසක් පොසොන් උත්සවලට මොකක් වෙයිද?

PranaNews.lk

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය යටතේ මෙරට මතුව ඇති බලශක්ති අර්බුද හමුවේ ලබන මාසයේ දී පැවැත්වෙන ආගමික උත්සව සඳහා කිසිඳු සීමාවකින් තොරව සිදු නොකරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මෙහිදී බලශක්ති කළමනාකරණය කිරීම සඳහා රජය මේ වන විට විවිධ පියවර රැසක් ගෙන ඇති බවත් එහි එක් අදියරක් ලෙස බදාදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තවද අත්‍යාවශ්‍යය සේවා කොමසාරිස්වරයා විසින් රජයේ ආයතන සඳහා බලශක්ති අරපිරිමැස්ම සඳහා විශේෂ මාර්ගෝපදේශ සංග්‍රහයක් ද නිකුත් කර ඇති පසුබිමක ලබන මැයි සහ ජුනි මස සඳහා පැවැත්වෙන ආගමික උත්සව සඳහා වැය වන විදුලිය සම්බන්ධව අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.

"ජනතාවගේ දෛනික ජීවිතය කියන්නේ ආර්ථික කටයුතු පමණක් නෙමෙයි ජනතාවගේ වින්දනීය, සංස්කෘතික, සෞන්දර්යාත්මක සමාජීය ජීවිතය අපි පුළුවන් තරම් ආරක්ෂා කරන්න ඕනේ. ඒ නිසා අපේ කිසිම බලාපොරොත්තුවක් නෑ එළැඹෙන වෙසක් උත්සවය, පොසොන් උත්සවය, ඇසළ උත්සවය සහ අනිත් ආගමික උත්සයන් කප්පාදු කිරීමට අපේ කිසිදු බලාපොරොත්තු වීමක් නෑ. ඒවාට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය අපේ පැත්තෙන් සිදුවෙනවා. නමුත් ලොකයේ පවතින තත්ත්වය අනුව අපි කවුරුත් හිතනවා බලශක්ති කළමනාකරණය පැත්තෙන් සහ දැනුවත් පරිභෝජනය කියන සංකල්පය යටතේ කටයුතු කරයි කියලා. ඒ නිසා රජය එවැනි උත්සව සීමා කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නෑ."