රුසියා ගුවන් හමුදාවේ යානයක් කඩා වැටී පුද්ගලයින් 29ක් මරුට

PranaNews.lk

ක්‍රිමියානු අර්ධද්වීපයට ඉහළින් වූ ප්‍රදේශයේ දී An-26 වර්ගයේ රුසියානු හමුදා ගුවන් යානයක් කඩා වැටී පුද්ගලයින් 29 දෙනෙක්ට දිවි අහිමි වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යානයේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මියගිය පිරිස අතර ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙක් සිට ඇති බව සඳහන්.

ඊයේ (31) දිනයේ දී මොස්කව් වේලාවෙන් සවස 6ට පමණ මෙම අනතුර සිදුව තිබුණා.