හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති ආන්දෝලනාත්මක නඩුව අද (30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතව තිබෙනවා.
රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට සැකපිට ගොනුකර ඇති මෙම නඩුවට අදාළව, සියලු විමර්ශන කටයුතු අවසන් කර ඊට අදාළ උද්ධෘත නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණය හමුවේ තහවුරු කළේ.
ඒ අනුව, මෙම නඩු කටයුත්ත සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ඉදිරි ස්ථාවරය අධිකරණයට දැනුම් දීම සඳහා නඩුව අද දින කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර තිබුණා.