පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් අභියාචනාධිකරණය අද විශේෂ වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.
පොලිස්පතිවරයා මාර්ගයෙන් අදාළ වරෙන්තුව වහාම ක්‍රියාත්මක කරන ලෙසටයි අධිකරණය නියෝග කර ඇත්තේ.
ඒ අනුව එළඹෙන ඔක්තෝබර් මස 1 වනදා විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද අභියාචනාධිකරණ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වනවා.