ආන්දෝලනාත්මක එයාර්බස් සිද්ධියේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කළා.
ඒ අනුව සැකකාර නාමල් රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂ පහක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 30 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර සිටියේ.
ඇප නියම කරමින් සැකකරුගේ විදේශ ගමන් සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගත් මහෙස්ත්‍රාත්වරයා, ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා වෙත වහාම දැනුම් දෙන ලෙස ද නියෝග කළා.
ඊට අමතරව නඩුවේ සාක්ෂිකරුවන්ට කිසිදු අයුරකින් බලපෑම් කිරීමෙන් වළකින ලෙසට ද සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙත අධිකරණය විසින් තවත් දැඩි ඇප කොන්දේසියක් පනවනු ලැබුවා.