ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා.
ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසන්නේ කෙටි කෑම මිලද රුපියල් 10කින් ඉහළ නංවා ඇති බවයි.
ඊට අමතරව ප්ලේන්ටියක සහ කිරි තේ එකක මිලද රුපියල් 5කින් ඉහළ දමා තිබෙනවා.
අප්‍රේල් මස 1 වනදා සිට විදුලිබිල ඉහළ යාම හේතුවෙන් මෙලෙස ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ දැමීමට සිදුව ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.