කුවේටයේ තෙල් නෞකාවකට ඉරානයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

PranaNews.lk

ඩුබායි වරායක නවතා තිබූ බොරතෙල් ප්‍රවාහන නෞකාවකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

කුවේටය පවසන්නේ මෙම ප්‍රහාරයෙන් නෞකාවට යම් හානියක් සිදුව ඇති බවයි.

නමුත් ප්‍රහාරයෙන් කිසිඳු ජීවිත හානියක් සිදුව නොමැති බව වාර්තා වනවා.

ප්‍රහාරය එල්ල වන මොහොතේ අදාළ නෞකාව තෙල්වලින් සම්පුර්ණයෙන්ම පිරී තිබී ඇති අතර ඒ හේතුවෙන් නෞකාව තුළ ගින්නක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනාම ආරක්ෂිතව සිටින බවයි.


හෝමූස් හරහා යන නැව්වලින් ගාස්තු අයකරන ඉරාන සැලසුමට අනුමැතිය

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනය සඳහා ගාස්තු අය කිරීමේ සැලසුම්වලට ඉරාන පාර්ලිමේන්තු කමිටුවෙන් අනුමැතිය ලැබී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජාතික ආරක්ෂක කොමිසමේ සාමාජිකයෙකු මෙම සැලසුම අනුමත කළ බවයි.

මේ යටතේ අමෙරිකානු සහ ඊශ්‍රායල නෞකාවලට එම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම තහනම් කරනු ඇති.

ඊට අමතරව ඉරානයට එරෙහි සම්බාධක සඳහා දායක වූ අනෙක් රටවලට ද මෙම තහනම බලපැවැත්වෙන බව සඳහන්.

ඉරානය ඕමානය සමඟ සහයෝගයනේ මෙම නව ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලෝකයේ බොරතෙල් අවශ්‍යතාවයෙන් 20%ක් පමණ සාමාන්‍යයෙන් ඉරානය සහ ඕමානය අතර පිහිටි මෙම වැදගත් නාවික මාර්ගය හරහා ප්‍රවාහන කෙරෙනවා.

කෙසේ වෙතත් නාවික බුද්ධි තොරතුරු ආයතනයක් වන Kplerට අනුව, යුද්ධය ආරම්භ වූ දා සිට මෙම මාර්ගය හරහා සිදුවන ගමනාගමනය 95%කින් පමණ පහත වැටී තිබෙනවා.