ඉරාන යුද්ධයට සටන් විරාමයක්?

PranaNews.lk

ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුද ගැටුම් අවසන් කිරීමේ සටන් විරාම යෝජනාවක් සම්බන්ධව දෙපාර්ශවය අතර සාකච්ඡා සිදු කරමින් පවතින බව වාර්තා වනවා.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මේ බව සඳහන් කරනවා.

එම සටන් විරාමය අද (06) දින සිට ආරම්භ වීමේ අවස්ථාවක් ද ඇති බවද එම වාර්තාවල දැක්වෙනවා.

ඉස්ලාමාබාද් සම්මුතිය නම් මෙම යෝජනාවලිය පාකිස්ථානයේ මැදිහත්වීමෙන් සකස් කර දෙරටට ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

රොයිටර්ස් වාර්තාවේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ යටතේ කඩිනම් සටන් විරාමයක් ඇති කරගෙන සටන් අත්හිටුවා හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කර ගැනීම දෙපාර්ශවයේ සැලසුම වී ඇති බවයි.