එයාර්බස් ගනුදෙනුව ගැන හිටපු මුදල් ලේකම් පී.බී.ගෙන් පැය 4ක දීර්ඝ ප්‍රකාශයක්

PranaNews.lk

ආන්දෝලනාත්මක එයාර්බස් ගනුදෙනු චෝදනාවලට අදාළව සිදුකරනු ලබන විමර්ශන සම්බන්ධයෙන් හිටපු මුදල් ලේකම් පී.බී. ජයසුන්දර මහතාගෙන් පැය 4කට ආසන්න කාලයක් තිස්සේ අල්ලස් කොමිසමේ නිලධාරීන් විශේෂ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ, අදාළ නිලධාරී කණ්ඩායම පී.බී. ජයසුන්දර මහතාගේ නිකවැරටියේ පිහිටි නිවස වෙතම ගොස් මෙම දීර්ඝ ප්‍රකාශය ලබාගැනීමට කටයුතු කළ බවයි.