ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි නැවත වතාවක් ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල සටහන් වන්නේ රුපියල් 414ක් ලෙසයි.
කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුකර නොමැති අතර, එය මීට පෙර පැවති රුපියල් 475 යන මිල යටතේම පවතිනවා.
එමෙන්ම සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 50කින් අතිවිශාල ලෙස ඉහළ දමා ඇති අතර, ඒ අනුව රුපියල් 478ක්ව පැවති සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 528ක් දක්වා ඉහළ යනු ලබනවා.
මීට අමතරව රුපියල් 382ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක මිල ද රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 392ක් ලෙස සටහන් වනවා.
කෙසේ වෙතත් දැනට රුපියල් 285ක්ව පවතින භූමිතෙල් ලීටරයක මිලෙහි ද කිසිදු වෙනසක් සිදුකර නොමැති අතර, එය ද පැවති මිල යටතේම අලෙවි කිරීමට නියමිතයි.