ගෝඨාභය ගොනුකළ රිට් පෙත්සම විභාගයට නොගෙනම අභියාචනාධිකරණයෙන් නිෂ්ප්‍රභ කරයි

PranaNews.lk

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

අදාළ පෙත්සම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සලකාබැලීමෙන් අනතුරුව ඊට අදාළ නියෝගය ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද මෙම නියෝගය නිකුත් කර සිටියා.