ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සහ ශ්‍රී ලංකන් කේටරින් යන සමාගම්වල සභාපතිවරයා ලෙස කටයුතු කළ සරත් ගණේගොඩ මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
මෙම ඉල්ලා අස්වීම 2026 මාර්තු 31 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉදිරිපත් කර ඇති බව සඳහන්.
මේ අනුව මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් ස්ථිර සභාපතිවරයෙක් පත් කරන තෙක් එම සමාගම් දෙකෙහිම වැඩබලන සභාපතිවරයා ලෙස A K D D ඩිමාල් අරන්දර මහතා කටයුතු කරනු ඇති.
මිට අතර එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ රොහාන් ගුණතිලක මහතා ද එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.