කලාපීය නොසන්සුන්තාව හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කටාර් රාජ්‍යයේ එමීර් හෙයික් තම්ම් බින් හමාඩ් අල් තානි අතර විශේෂ දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙහිදී වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධව නායකයින් දෙපළ සාකච්ඡා කර ඇති බවයි.
මෙහිදී කටාර් රාජ්‍යය මුහුණ දී සිටින අභියෝගාත්මක අවස්ථාවේ දී මෙරට සහයෝගීතාව ජනාධිපතිවරයා එමීර්වරයා වෙත ප්‍රකාශ කර තිබෙනවා.
අදාළ සාකච්ඡාවේ දී කටාර් එමීර්වරයා විසින් ප්‍රධාන කරුණු දෙකක් අවධාරණය කර ඇති බව වාර්තා වනවා.
කටාර් හි වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සහ පදිංචිකරුවන්ගේ සුභ සාධනය හා ආරක්ෂාව සහතික කරන බවත් ගැටුම්කාරී වාතාවරණය හමුවේ වුවද ශ්‍රී ලංකාවට ස්ථාවර ලෙස ඉන්ධන සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාමට කටාර් රාජ්‍යයකැපවී සිටින බවද එමීර්වරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.