ඇමති ජයකොඩිට එරෙහි විශ්වාසභංගයට දින දෙයි

PranaNews.lk

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඉදිරිපත්ව කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව විවාදය අප්‍රේල් මස 10 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මීළඟ පාර්ලිමේන්තු අදාළ කටයුතු සම්බන්ධව අද (19) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී මෙම තීන්දුව ගෙන ඇති බව සඳහන්.

මේ අනුව එම විවාදය  පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇති.

තවද 2019 පාස්කු ප්‍රහාරය පිළිබඳව කල් තැබීමේ විවාදය අප්‍රේල් 9 වනදා පස්වරු 2 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

එම යෝජනාව විපක්ෂය විසින් ඉදිරිපත් කිරීමට නියමිතයි.