ගංගා දෙකට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කට දීර්ඝ කරයි

PranaNews.lk

නිල්වලා ගඟ සහ ගිංගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ප්‍රදේශයට ඇදහැලුණු අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය 24 වනදා මෙම ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය මුලින්ම නිකුත් කළ අතර, පවතින තත්ත්වය සලකා බලමින් එය අවස්ථා කිහිපයකදීම දීර්ඝ කිරීමටයි පියවර ගැනුණේ.

ඒ අනුව ඉදිරි පැය 24 පුරා ද මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය බලපැවැත්වෙන අතර, ගඟ ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව සහ ඒ ආශ්‍රිත මාර්ගවල ගමන් ගන්නා රියදුරන් මේ පිළිබඳව දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් කටයුතු කරන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.