අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ජාතික ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා අද (28) නියෝග කළා.
සිය දරුවාට නඩත්තු මුදල් ගෙවන ලෙස ඉල්ලා ගුවන් නියමුවරියක විසින් ගොනුකර තිබූ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී ඔහු මෙලෙස අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනුයි මෙම වරෙන්තුව නිකුත් කරනු ලැබුවේ.
චාමික කරුණාරත්න මේ වන විට ජපානයේ පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී සිටිනවා.
කෙසේ වෙතත් එම තරගාවලිය සඳහා සහභාගී වන බැවින් නඩුවට පෙනී සිටීමට නොහැකි බව අධිකරණයට නිසි ලෙස දැනුම් දී නොතිබීම හේතුවෙනුයි මහේස්ත්‍රාත්වරයා මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ.
අදාළ නඩුව ලබන ජනවාරි මස 04 වනදා නැවත කැඳවීමට නියමිතයි.