ඉන්ධන නිකුත් කිරීම අද සිට වෙනස් වෙයි

PranaNews.lk

QR ක්‍රමවේදය හරහා ඉන්ධන කෝටාව ලබාදීමේ දී අද (19) සිට වාහන අංක තහඩුවේ අවසන් අංකය මත ඉන්ධන ලබාදීම සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එම සංස්ථාව සඳහන් කරන්නේ වාහන අංක තහඩුවේ අවසන් අංකය බින්දුව හෝ ඉරට්ටේ සංඛ්‍යාවක් නම් ඉරට්ටේ දිනයක ලබාගත හැකි බවයි.

අංක තහඩුවේ අවසන් අංකය ඔත්තේ ගණනක් නම් ඔත්තේ දිනයක ඉන්ධන ලබාගත හැකි බවද ඛනිජ තෙල් සංස්ථාව පවසනවා.

මේ අනුව අද (19) ඔත්තේ දිනයක් වන අතර වාහන අංක තහඩුවේ අවසාන අංකය ඔත්තේ සංඛ්‍යාවන් වන 1, 3, 5, 7, 9 යන ඉලක්කම් ඇති වාහන සඳහා ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පවතිනවා.