නිවාඩු දිනයේ ප්‍රවාහන සේවා සිදුවෙන්නේ වෙන්නේ මෙහෙමයි

PranaNews.lk

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටළුව සැලකිල්ලට ගනිමින් ඊට මුහුණ දීම සඳහා අද (18) සිට සෑම සතියකම බදාදා දිනවල රජයේ සේවකයින්ට නැවත දැනුම් දෙන තෙක් නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා කියා සිටියේ මෙම නිවාඩුව පාසල් විශ්ව විද්‍යාල සහ අධිකරණ ක්ෂේත්‍රයට මෙම නිවාඩුව අදාළ බවයි.

තවද රජයේ අනුමත පාසල් සහ පෞද්ගලික උපකාරක පන්ති සඳහා ද අද (18) දිනයේ නිවාඩු ලබා දෙන ලෙස රජය ඉල්ලා ඇති බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් වරාය, සෞඛ්‍ය සහ ජලය, රේගුව වැනි අත්‍යාවශ්‍ය සේවා සඳහා මෙම නිවාඩු දිනය අදාළ නොවන බවද කොමසාරිස්වරයා පවසනවා.

මේ අතර විශේෂ නිවාඩු දිනය හේතුවෙන් අද (18) දිනයේ දී ධාවනය වීමට නියමිත දුම්රිය සෙනසුරාදා දිනයට ධාවනය කරන දුම්රිය පමණක් ධාවනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ මේ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 29ක්ද, උතුරු දුම්රිය මාර්ගයේ ගමන් වාර 17ක් ද, මුහුදු බඩ දුම්රිය ගමන්වාර 33ක් ධාවනය කිරීමට නියමිත බවයි.

ඊට අමතරව කැලණිවැලි මාර්ගයේ ගමන් වාර 5 ක්,  පුත්තලම මාර්ගයේ ගමන්වාර 9 ක් මඩකලපුව හා ත්‍රිකුණාමල මාර්ගයේ ගමන් වාර 6 ක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

මේ අතර දිවයින පුරා නියමිත පරිදි බස් රථ ධාවනය කිරීමට පියවර ගන්නා බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

අදාළ බස් රථ ධාවනය සඳහා යොදා ඇති කාල සටහන ඇතැම් වේලාවන් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවද එම මණ්ඩලය සඳහන් කරනවා.