මෙතෙක් රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ විදුලි කප්පාදුවක් සිදු කර නොමැති වුවද ඉදිරියේ දී කප්පාදුවක් සිදු කිරීමට ඉඩකඩ පවතින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (17) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27.2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විදුලි කප්පාදුවක් සිදුකරන්නේදැයි සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින්.
"තාම එක පැයක් විදුලිය කපන්නේ නැතුව අපි ගෙනියනවා, හැබැයි කපන්න වෙන වෙලාවකුත් තියෙන්න පුළුවන්"
මේ අතර සාමාන්‍ය පරිභෝජනය යටතේ රට තුළ ඉන්ධන ප්‍රමාණවත් දින වකවාණු සම්බන්ධවද බලශක්ති අමාත්‍යවරයා අද (17) පාර්ලිමේන්තුවේ දී අනාවරණය සිදු කළා.
අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ මෙරට තුළ මේ වන විට පෙට්‍රල් 92 වර්ගය - අප්‍රේල් 23 වෙනිදා දක්වා
පෙට්‍රල් 95 වර්ගය - මැයි 10 වෙනිදා දක්වා
ඩීසල් - අප්‍රේල් 12 වෙනිදා දක්වා
සුපර් ඩීසල් - මැයි 10 වෙනිදා දක්වා