ජාතික ඉන්ධන අවසර පත්‍ර හෙවත් QR පද්ධතිය පසුගිය රජය කිසිඳු වියදමකින් තොරව මාසයක් වැනි කෙටි කාලයක් තුළ සංවර්ධනය කර ක්‍රියාත්මක කළ බව හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරනවා.
''ජාතික ඉන්ධන අවසර පත්‍ර (National Fuel Pass) QR ක්‍රමය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් කිසිවකුටත් ගෞරවය හිමිවිය යුතු නම්, එය හිමිවිය යුත්තේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ කණ්ඩායමට, ඩයලොග් ආසියාටා කණ්ඩායමට මෙන්ම මිලේනියම් අයිටීකණ්ඩායමටයි.
අපගේ පළමු හමුවීමෙන් සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ ඔවුන්ගේ කණ්ඩායම් විසින් මෙම වේදිකාව සංවර්ධනය කළ අතර, මාසයක් ඇතුළත එය රජයට කිසිදු වියදමකින් තොරව ක්‍රියාත්මක කරන ලදී. තවත් බොහෝ පාර්ශ්වකරුවන්ගේ සහයෝගය සහ කැපවීම මත මෙය සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි."