ඉන්ධන අර්බුදයට පිළිමයක් ලෙස දින 4ක වැඩ සතියක් හඳුන්වා දීමට ඉදිරිපත්ව තිබෙන යෝජනාව කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.
මේ සම්බන්ධව අවසන් තීන්දුවක් ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.
මෙම රැස්වීමට සහභාගී වන ලෙස රජයේ ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.
මේ අතර රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසුවේ එම යෝජනාව ඇතුළු තවත් යෝජනා කිහිපයක් ගැන අවධානය යොමුව ඇති බවයි.