IRIS Dena නෞකාව නිරායුධව සිටි ප්‍රකාශයට ඇමෙරිකානු ඉන්දු - පැසිෆික් සංවිධානයෙන් ප්‍රතිචාර

PranaNews.lk

මෙරට ආසන්න මුහුදු තීරයේ දී අමෙරිකානු ප්‍රහාරයකට ලක්වූ ඉරානයේ IRIS Dena නෞකාව නිරායුධව සිටි බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ඇමෙරිකානු ඉන්දු - පැසිෆික් සංවිධානය සඳහන් කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ එය සන්නද්ධ ගැටුම් නීතිය යටතේ එය වලංගු නිශ්චිත හමුදා ඉලක්කයක් බවයි.

එම නෞකාව විනාශ කිරීමට බලය යෙදීමට අවසර ඇති බවද එම සංවිධානය පෙන්වා දෙනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ අදාළ නෞකාව විනාශ කළ බවත් සන්නද්ධ ගැටුම් නීතියට ගැටුම් අනුකූලව දිවි ගලවා ගත් පිරිස් සඳහා ශ්‍රී ලංකාව ජීවිතාරක්ෂක සහාය ලබාදී ඇති බවත්ය.