මිල ඉහළ යාම අනිවාර්යෙන්ම අපිට දරන්න වෙනවා - අමාත්‍ය වසන්ත සමරසිංහ

PranaNews.lk

ලෝකයේ මිල ඉහළ යෑම් අපට පාලනය කළ නොහැකි බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

එහිදී ඔහු පෙන්වා දෙන්නේ තෙල් සැපයුම හා ගෑස් සැපයුම අඩු කළහොත් මිල ඉහළ යාම සිදුවන බවයි.

මේ වන විටත් මිල ඉහළ යාම වාර්තා වී ඇති බවත් එම ඉහළ යාම අනිවාර්යෙන්ම අපටත් දැරීමට සිදුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ මැදපෙරදිග ඇති වී තිබෙන මෙම තත්ත්වය මුළු ලෝකයටම බලපාන තත්ත්වයක් වන බවත් විශේෂයෙන් නැව් මාර්ග භාවිත කර ආනයන, අපනයන කරන සෑම රටකටම මෙය විශාල ගැටලුවක් වන බවත්ය.

''මැදපෙරදිග ඇතිවෙලා තියෙන තත්ත්වය මුළු ලෝකයටම බලපාන තත්ත්වයක්.. විශේෂයෙන් නැව් මාර්ග භාවිත කර ආනයන, අපනයන කරන සෑම රටකටම මෙය ප්‍රශ්නයක්..ලෝකේ මිල ඉහළයාම අපට පාලනය කරන්න බෑ.. මොකද තෙල් සැපයුමත් ගෑස් සැපයුමත් අඩු කළොත් මිල ඉහළ යනවා.. දැනටමත් මිල ඉහළ යාමක් වාර්තා වෙනවා ඒ මිල ඉහළ යාම අනිවාර්යෙන්ම අපිටත් දරන්න වෙනවා.. ඒක අපිට නවත්වන්න බෑ''