පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නැවත රිමාන්ඩ්

PranaNews.lk

අද (23) අධිකරණය වෙත රැගෙන ආ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව මේ මස 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ශ්‍රීලංකන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයන්හි සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව මෙලෙස අද දිනයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන එනු ලැබුවා.

සිද්ධියට අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නාමල් රාජපක්ෂ මහතා ලබන 30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කර ඇත්තේ.