ජාත්‍යන්තර කාන්තා දිනය අද (08) යෙදී තිබෙනවා.
මෙවර මෙරට ජාත්‍යන්තර කාන්තා දින ප්‍රධාන සැමරුම් උත්සවය අද (08) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ P D සිරිසේන ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
“පොහොසත් රටක අභිමන - ඇයවේ දැයක පෙරමග” යන්න මෙවර කාන්තා දිනයේ තේමාව ලෙසයි තෝරාගෙන තිබෙනවා.
මෙවර ශ්‍රී ලංකාව ලෝක කාන්තා දිනය “සියලු කාන්තාවන් සහ ගැහැණු ළමයින් සදහා අයිතිවාසිකම්, යුක්තිය, ක්‍රියාකාරීත්වය” යන තේමාවෙන් සමරනු ලබනවා.
1910 වසරේ දී ඩෙන්මාර්ක්යේ කෝපන්හේගන් නගරයේ පැවැති වැඩකරන කාන්තාවන්ගේ දෙවැනි ජාත්‍යන්තර සම්මේලනයේ දී එවැනි දිනක වැදගත්කම පිළිබඳව දැඩි මතවාද ඉදිරිපත් වුණා.
ජර්මනියේ සමාජ ප්‍රජාතාන්ත්‍රවාදී පක්ෂයේ නායිකා ක්ලාරා සෙට් කින් ඊට පෙරමුණු ගනු ලැබුවා.
එහි ප්‍රතිඵලයක් ලෙස නිල වශයෙන් කාන්තා දින සැමරුම් ආරම්භ වූ අතර 1911 වසරේ මාර්තු 19 වනදා ලොව පළමු ජගත් කාන්තා දිනය සමරා තිබෙනවා.
පසුව එය 1913 වසරේ දී මාර්තු 8 දාට මාරු කෙරුණා.
1975 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ජගත් කාන්තා දිනයට නිල පිළිගැනීමක් ලබාදුන්නා.