ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට

PranaNews.lk

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88.27ක් අඩු වී ඇති බවයි.

එය 4.42%ක අඩුවීමක් බවද සඳහන් වනවා.

බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 98.84ක් දක්වා අඩු වී තිබෙනවා.

එය 5.41%ක අඩුවීමක් ලෙස සඳහන්.

මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 119.88ක් ලෙස දැක්වෙන අතර එය පෙර මිලට සාපේක්ෂව සියයට 11.31ක අඩුවීමක් බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.