එයාර්බස් ගනුදෙනුවේදී මහින්දට හා පියංකරට අල්ලස් දුන් බවට අධිකරණයේ දී හෙළිවෙයි

PranaNews.lk

එයාර් බස් ගණුදෙනුවෙන් අල්ලස් ලෙස ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේකර මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා ලබාදී තිබෙන බව අනාවරණය වී ඇති බව අල්ලස් කොමිසම අද (19) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

කොමිසම එහිදී සඳහන් කළේ අදාළ මුදල් ශ්‍රී ලංකන් ගුවන් සමාගෙම් හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් වන ශමින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ගිණුමටත් යොමු වී ඇති බවට විමර්ශනවලදී කරුණු හෙළිව ඇති බවයි.

මේ අනුව 2015 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 20ක් බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියම 60ක් බෙලිඅත්ත නිවසේ සහ කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් බවට සැකකරු විසින් ප්‍රකාශ කර ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.