2025 වසරේ පළාත් සභා මැතිවරණය සඳහා වෙන්කර තිබූ රුපියල් මිලියන 9,000ක මුදලක් ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත යළි යොමු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ 2025 වාර්ෂික කාර්යසාධන වාර්තාවේ සඳහන් වනවා.
එම මුදල යළි අයවැය දෙපාර්තමේන්තුව වෙත හරවා යවා ඇත්තේ පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් බවයි එම වාර්තාවෙන් අනාවරණය වන්නේ.
2025 වසර සඳහා මැතිවරණ කොමිෂන් සභාවට රුපියල් මිලියන 21,487ක ප්‍රතිපාදන වෙන්කර තිබූ අතර, ඉන් පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ සඳහා රුපියල් මිලියන 20,000ක් වෙන් කර තිබුණා.
ඒ අනුව, කොමිෂන් සභාවේ සාමාන්‍ය පරිපාලන කටයුතු සඳහා රුපියල් මිලියන 1,487ක් වෙන්කර තිබූ අතර, ඉන් රුපියල් මිලියන 1,278ක් පුනරාවර්තන වියදම් සඳහාත් රුපියල් මිලියන 209ක් ප්‍රාග්ධන වියදම් සඳහාත් වෙන්කර තිබූ බවද වාර්තාවේ සඳහන්.
මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් පළාත් සභා ඡන්දය සඳහා වෙන්කළ මුදල භාවිතයට නොගෙන නැවත ජාතික අයවැයට යොමු කර ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.