FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී ආර්ජන්ටිනා කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පරාජය කරමින් ලෝක ශූරතාව දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත් වුණා.
අමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නුවර MetLife ක්‍රීඩාංගණයේ පැවති මෙම අවසන් තරගයේ නියමිත මිනිත්තු 90 අවසන් වන විට දෙපිළටම ගෝල වාර්තා කිරීමට නොහැකි වූ අතර, තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා අතිරේක කාලය ක්‍රියාත්මක කෙරුණා.
අතිරේක කාලයේ 106 වැනි මිනිත්තුවේදී ෆෙරාන් ටෝරස් වාර්තා කළ තීරණාත්මක ගෝලයත් සමඟ ස්පාඤ්ඤය තරගයේ පෙරමුණ ගත් අතර, VAR තාක්ෂණය මඟින් සිදු කළ පරීක්ෂාවකින් අනතුරුව එම ගෝලය නිල වශයෙන් තහවුරු කෙරුණා.
මේ අතර තරගයේ 90+3 වැනි මිනිත්තුවේදී ආර්ජන්ටිනා මධ්‍යපෙළ ක්‍රීඩක එන්සෝ ෆර්නැන්ඩස් දෙවැනි කහ කාඩ්පත ලබා රතු කාඩ්පතට ලක්වීම හේතුවෙන් පිටියෙන් ඉවත් කෙරුණු අතර, ඒ අනුව අතිරේක කාලය පුරාම ආර්ජන්ටිනාවට ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් තරග වැදීමට සිදු වුණා.
ලියොනෙල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම අවස්ථා කිහිපයකදීම ගෝලයක් වාර්තා කිරීමට උත්සාහ කළද, ස්පාඤ්ඤයේ ශක්තිමත් ආරක්ෂක පෙළ සහ ගෝල් රකින්නා හමුවේ එම උත්සාහයන් සාර්ථක කර ගැනීමට නොහැකි වුණා.
ඒ අනුව 2010 වසරේදී ප්‍රථම වරට FIFA ලෝක කුසලානය ජයගත් ස්පාඤ්ඤය, වසර 16කට පසු සිය දෙවැනි ලෝක පාපන්දු කිරුළ දිනා ගැනීමට සමත් වුණා.