සුරාබදු බලපත්‍රයක් ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් මිලියන 27.5ක මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, වීරකැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් 27,500,000ක මුදලක් වංචා කර ඇති බවට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට ලද පැමිණිල්ලකට අනුව මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විමර්ශන ආරම්භ කළ බවයි.
ඒ අනුව සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සැකකරු ඊයේ (14) උදෑසන හඟුරන්කෙත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයස අවුරුදු 58ක් වන ජයලත් බණ්ඩාර දිසානායක මහතා අද (15) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළා.