අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව පැනවූ නව නාවික අවහිරතාව සහ ඊට ප්‍රතිචාර ලෙස ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (15) තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 86.19 දක්වාත්, WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 80.40 දක්වාත් ඉහළ ගොස් ඇති බවයි.
එය ජූනි මැද භාගයෙන් පසු වාර්තා වූ ඉහළම බොරතෙල් මිල ලෙස ද සැලකෙනවා.
හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින යුදමය උණුසුම් තත්ත්වය හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට බාධා එල්ල වීම මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.
ලෝක තෙල් සහ ස්වාභාවික ගෑස් සැපයුමෙන් සියයට 20කට ආසන්න ප්‍රමාණයක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරෙන බැවින්, එම මුහුදු මාර්ගයේ ආරක්ෂක තත්ත්වය ගෝලීය බලශක්ති වෙළෙඳපොළට සෘජුව බලපාන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.