හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින අර්බුදකාරී තත්ත්වය සහ අමෙරිකාව විසින් ඉරානයට යළි ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 79 ඉක්මවා ඇති අතර, WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 74 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මෙම ප්‍රධාන බොරතෙල් මිල දර්ශක දෙකම පසුගිය සිකුරාදා (10) වාර්තා වූ මිල ගණන්වලට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව සඳහන්.
පසුගිය සිකුරාදා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 76ක් ලෙස සටහන් වූ අතර, WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 72ක් ලෙස වාර්තා වී තිබුණා.
විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මැදපෙරදිග කලාපයේ යුද උණුසුම තවදුරටත් ඉහළ ගියහොත්, ඉදිරි දිනවලදී ගෝලීය බලශක්ති වෙළෙඳපොළට සහ බොරතෙල් මිල ගණන්වලට තවත් දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි.