මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩ ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, ඊයේ (13) සහ අද (14) අලුයම එම නිලධාරීන් දෙදෙනා මියගොස් ඇති බවයි.
මියගිය නිලධාරීන් දෙදෙනා වයස අවුරුදු 25 සහ 39ක් වන බන්ධනාගාර නිලධාරීන් බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය ජූලි 5 සහ 6 යන දෙදින තුළ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් 21 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එම සිද්ධියෙන් මියගිය සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ගැටුමෙන් තුවාල ලැබූ තවත් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් කිහිපදෙනෙකු මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ සහ මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.