ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරී පවරා දෙමින් අනුප්‍රාප්තික සමාගම් 6ක් පිහිටු වීම සඳහා විධිවිධාන සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අදාළ ගැසට් නිවේදනය මාර්තු මස 9 වනදා සිට බලපැවැත්වෙනවා.
ගැසට් පත්‍රයට අනුව විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් 6ක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසා ඇති බව සඳහන්.
මේ අනුව 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ (නිශ්චිත වගන්ති කිහිපයක් හැර) සෙසු ප්‍රතිපාදන 2026 මාර්තු 9 වනදා සිට බලාත්මක වනු ඇති.
මෙමඟින් ලංකා විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවේ.