ඉදිරි සතිය මෙරටට තීරණාත්මකයි - ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය

PranaNews.lk

මැදපෙරදිග මතුව තිබෙන යුදමය තත්ත්වය හමුවේ ඉදිරි සති කිහිපය මෙරටට තීරණාත්මක කාල පරාසයක් විය හැකි බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (06) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින්.

මේ අනුව ඉදිරියේ දී අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමේ දී යම් ප්‍රමාදයක් ඇති වීමට ඉඩ ඇති බවද ඔහු මෙහිදී පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ පවතින යුදමය වාතාවරණය හමුවේ නැව් ගමනාගමනයට මෙන්ම ගුවන් යානා ගමනාගමන කටයුතු සඳහා සීමාවක් පැනවි ඇති බවයි.

ඒ හේතුවෙන් මෙම ප්‍රමාදය හේතුවන බවද ඒ මහතා සඳහන් කරනවා.

"ඇතිවෙලා තියෙන වර්තමාන යුදමය වාතාවරණයෙන් නැව් ගමනාගමනයට, ගුවන් යානා ගමනාගමන කටයුතුවලට සීමාවන් ඇතිවෙලා තියෙනවා, සීමාවන් පනවලා තියෙනවා, සීමාවන් පනවන්න වෙලා තියෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙච්ච සහ අපි ඉල්ලුම් කරන ලද ඒ අත්‍යවශ්‍ය සේවාවන් සමහරවිට ප්‍රමාදයන් ඇති වෙන්නත් ඉඩ තියෙනවා ඉදිරියේදී. ඉදිරි සති කිහිපය තීරණාත්මකයි. ඒ අනුව අපිට මේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා විශේෂ අවධානයක් යොමුකළ යුතුයි. ඒ අනුව තමයි අපේ හදිසි තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යන්න කටයුතු කරලා තියෙන්නේ."