යාපනය ගුරුනගර් තොටුපොළේ දී අද (06) බෝට්ටුවක් පෙරළී අනතුරකට ලක්ව තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පාලෙයිතිව් උත්සවය සඳහා වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් සිටි බෝට්ටුවකි.
පුද්ගලයින් කිහිපදෙනෙක් දියේ ගිලී ඇති බව සඳහන්.
ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වනවා.