කොළඹ වරාය ආසන්නයේ ඇති ඉරාන දෙවන නැව ගැන තොරතුරු එළියට

PranaNews.lk

කොළඹ වරාය ආසන්න මුහුදු සීමාවේ නැංගුරම් ලා තිබෙන දෙවන ඉරාන නෞකාව සම්බන්ධව මේ වන විට තොරතුරු වාර්තා වී තිබෙනවා.

එම වාර්තාවලට අනුව IRIS Bushehr ලෙස හැඳින්වෙන මෙම නෞකාව ටැන්කර් වර්ගයේ යුද සැපයුම් නෞකාවක් ලෙස සැලකෙනවා.

කොළඹ වරායට නාවික සැතපුම් 12ක් පමණ දුරින් මුහුදේ මෙම නෞකාව නැංගුරම් ලා ඇති බව සඳහන්.

ඊට අමතරව IRIS Bushehr නෞකාව ඊයේ (04) මුහුදු බත් වූ බවට සඳහන් වන IRIS DENA නෞකාවට සැපයුම් ලබාදීම සඳහා පැමිණ තිබෙනවා.

අදාළ නෞකාවේ කැඩෙට් නිලධාරීන් සැලකිය යුතු ගණනක් සිටින බවටද තොරතුරු වාර්තා වනවා.

මේ වන විට නෞකාව විසින් AIS (Automatic Identification System) පද්ධතිය ක්‍රියා විරහිත කර ඇති බව සඳහන්.

මෙම නෞකාව මීට පෙර අවස්ථාවක දී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙවර පැමිණීම කිසිඳු පෙර සැලසුමක් නොමැතිව සිදුව ඇති බවයි.