අමාත්‍ය විජිත හේරත් සහ ඊශ්‍රායලයේ විදේශ ඇමති අතර දුරකථන සංවාදයක්

PranaNews.lk

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා එරට විදේශ අමාත්‍ය Gideon Saar මහතා සමග සාකච්ඡා කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ මෙම සාකච්ඡාවේ දී මෙරට ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සහතිකයක් ලැබූ බවයි.

විදේයන්හි සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් ආරක්ෂා කිරීම අපගේ ප්‍රමුඛතාවය බවත් මේ හේතුවෙන් ඊශ්‍රායලයේ සිටින 29000කට අධික ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්වූ බව එම සටහනේ වැඩිදුරටත් දැක්වෙනවා.

තවද රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ කලාපීය සාමය ඇති කිරීමේ හදිසි අවශ්‍යතාවය පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබෙනවා.