ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මාර්තු 26 වනදා ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන බව එම අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් ඊයේ (19) පැවසුවා.
එම නියෝජිත පිරිස ලබන මස 9 වනදා දක්වා ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහන 5 වන හා 6 වන සමාලෝචන සම්පූර්ණ කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවද ඇය පවසනවා.