කටුවාන කර්මාන්ත ශාලා ගින්නෙන් 5ක් මරුට - සිරවූවන් සොයා මෙහෙයුම් තවදුරටත්

PranaNews.lk

හෝමාගම, කටුවාන කර්මාන්ත පුරයේ පිහිටි ආරක්ෂිත හිස්වැසුම් (හෙල්මට්) නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද (21) උදෑසන හටගත් ගින්නෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

හෝමාගම පොලීසිය සඳහන් කළේ, ගින්න මේ වන විට පාලනය කිරීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, ගින්නට සිරවී සිටිය හැකි පුද්ගලයින් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ද ක්‍රියාත්මක බවයි.

ගින්න හටගත් අවස්ථාවේ කර්මාන්ත ශාලාව තුළ සේවකයින් 80කට අධික පිරිසක් සිට ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඔවුන් සියලු දෙනා ආරක්ෂිතව ඉවත් වී ඇත්ද, නැතහොත් තවත් පිරිසක් ගොඩනැගිල්ල තුළ සිරවී සිටින්නේද යන්න තහවුරු කර ගැනීම සඳහා පොලීසිය, ගිනි නිවන අංශ සහ අනෙකුත් සහන කණ්ඩායම් එක්ව විමර්ශන සහ සෝදිසි මෙහෙයුම් සිදුකරමින් සිටිනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.