මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද (17) අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.
වෙඩිවැදීමෙන් අනතුරුව ඔහු වහාම මුල්ලේරියාව මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, මරණයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
වසර 30කට අධික කාලයක් ශ්‍රී ලංකා පොලිස් සේවයේ කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා, පොලිස්පති ධුරයට පත්වීමට පෙර දකුණු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කළා.
2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව එවක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසු, වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණා.
ඉන් අනතුරුව 2020 නොවැම්බර් 25 වැනිදා ඔහු ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස ස්ථිර පත් කිරීම ලැබූ අතර, 2023 නොවැම්බර් 25 වැනිදා විශ්‍රාම යන තෙක් එම ධුරයේ කටයුතු කළා.