රන් කැබලි අටක් සමඟ යාපනයේදී දෙදෙනෙක් අත්අඩංගුවට

PranaNews.lk

රන් කැබලි අටක් ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කළ යාපනයේ පදිංචි පුද්ගලයින් දෙදෙනකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ඔවුන් පැකට් තුනක අසුරා මෙම රන් කැබලි ඉන්දියාවට රැගෙන යාමට උත්සහා ගෙන ඇති බව සඳහන්. 

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් මොවුන්ව වැඩිදුර විමර්ශන සඳහා ශ්‍රී ලංකා රේගුවට භාරදී ඇත.