සලේට එරෙහි නඩුව මැයි 20 දක්වා කල් යයි

PranaNews.lk

පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධව රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ඇතුළු සැකකරුවන් පිළිබඳව සිදුකළ පරීක්ෂණවල ප්‍රගතිය මැයි 20 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා.

සුරේෂ් සලේ මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (22) ඉදිරිපත්කළ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධිකරණය මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්.

පසුගිය නඩු දිනයේ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් කරනු ලැබූ නියෝගයකට අනුව සැකකාර සුරේෂ් සලේ මහතා මෙහිදී අධිකරණයට රැගෙන විත් තිබුණා.

මේ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින සුරේෂ් සලේ මහතාව තවදුරටත් රැඳවුම් භාරයේ තබාගැනීමට අධිකරණය මෙහිදී නියම කරනු ලැබුවා.