QR කේතය යටතේ ලබාදෙන ඉන්ධන කෝටාව අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
මේ අනුව මෝටර් රථය සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 15 සිට 25 දක්වා ඉහළ යනු ඇති.
එම සංස්ථාව පවසන්නේ ත්‍රීරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 15 සිට ලීටර් 20දක්වා ඉහළ දමන බවයි.
වෑන් රථ සඳහා මීට පෙර සතියකට ලීටර් 40ක් ලබා දුන්නද එම ප්‍රමාණය ලීටර් 50 දක්වා ඉහළ දමා තිබෙනවා.
යතුරු පැදි සඳහා ලබාදුන් ලීටර් 5ක ඉන්ධන කෝටාව ලීටර් 8 දක්වා ඉහළ දමා ඇති බව සඳහන්.
බස් රථ සඳහා ලබාදුන් ලීටර් 60ක ඉන්ධන ප්‍රමාණය ලීටර් 100 දක්වා ඉහළ දමා ඇති බව වාර්තා වනවා.
තෙල් සංස්ථාව වැඩිදුරටත් නිවේදනය කරන්නේ ලොරි රථ සඳහා ලබාදුන් ලීටර් 200ක ප්‍රමාණය සහ විශේෂ කාර්ය වාහනය සඳහා ලබාදුන් ලීටර් 40ක ප්‍රමාණය සංශෝධනය නොකරන බවයි.