ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ශ්‍රී ලංකා රජය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අමෙරිකානු ඩොලර් මිලියන 175ක ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක අවසන් කර තිබෙනවා.
එම ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අදාළ ගණුදෙනුව සඳහා 99%කට වැඩි පිරිසක් සහභාගී වී ඇති බවයි.
එය ගුවන් සමාගමේ ආර්ථික ප්‍රතිසාධනයේ වැදගත් පියවරක් ලෙස එහි සඳහන් වනවා.
අදාළ ගිවිසුම යටතේ 16%ක කප්පාදුවක් සහ නව බැඳුම්කර නිකුත් කිරීමක් සිදුකර තිබෙනවා.
මෙමඟින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට මුල්‍ය ස්ථායීත්වය ශක්තිමත් කිරීමට මෙන්ම රටේ සමස්ථ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහයක් ලැබෙන බවද එම නිවේදනයේ දැක්වෙනවා.