පුද්ගලික මඟී ප්‍රවාහන බස් රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ මඟින් ඉන්ධන නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.
බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ නිෂ්පාදන කාර්යයන් හා අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීමට අවශ්‍ය වන රථවාහන සඳහා අදාළ ආයතන එක්ව විශේෂ ක්‍රමවේදයක් යටතේ ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කරන බවයි.
මේ අතර ඉන්ධන බෙදා හැරීම සම්බන්ධව් QR කේතය ක්‍රියාත්මක කළද රට තුළ කිසිඳු ඉන්ධන හිඟයක් මතුව නොමැති බව ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ රට තුළ හදිසි තෙල් අවශ්‍යතාවක් මතු වුවහොත් ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධව දැනටමත් ඉන්දියාව, චීනය ඇතුළු රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා පවත්වා ඇති බවයි.
එම සාකච්ඡා ඉතා සාර්ථක බවද ඔහු පවසනවා.
QR කේතයට අනුව අද (15) උදෑසන 6ට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.