මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී මහේන්ද්‍ර පෙරේරාට හොඳම නළුවා සම්මානය

PranaNews.lk

ශ්‍රී ලාංකික ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා මහතා මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගෙන තිබෙනවා.

ඒ, 'රිවර්ස්ටන්' චිත්‍රපටයේ දැක්වූ විශිෂ්ට රංගනය වෙනුවෙන්.

මෙම සම්මානය සඳහා 'බ්‍රෝකන් වොයිසස්' චිත්‍රපටිය වෙනුවෙන් යුරායි ලෝයි, 'ලකි ලූ' චිත්‍රපටිය වෙනුවෙන් චන්ග් චෙන්, 'රිවර්ස්ටන්' චිත්‍රපටිය වෙනුවෙන් රන්දික ගුණතිලක සහ 'ද රෙඩ් හැන්ගර්' චිත්‍රපටිය වෙනුවෙන් නිකලාස් සරාතේ ද නිර්දේශ වී සිටියා.

මෙය මහේන්ද්‍ර පෙරේරා මහතා ජාත්‍යන්තර සිනමා උළෙලකදී රංගනය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ දෙවන අවස්ථාව වන අතර, මීට පෙර ද සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම රංගනයට හිමි සම්මානය දිනාගෙන තිබෙනවා.

එමෙන්ම, 'රිවර්ස්ටන්' චිත්‍රපටිය වෙනුවෙන් ප්‍රියන්ත සිරිකුමාර මහතා හොඳම සහාය නළුවාට හිමි සම්මානය ද දිනාගෙන තිබෙනවා.