මැදපෙරදිග පවතින යුද වාතාවරණය හේතුවෙන් කුවේට් රාජ්‍යය වෙත ශ්‍රීලන්කන් ගුවන් සමාගම සිදුකරන ගුවන් ගමන් වාර තාවකාලිකව අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරනවා.
ඒ අනුව, ඊයේ (20) සිට ජූලි 26 වැනිදා දක්වා කුවේට් බලා ක්‍රියාත්මක වන සියලු ගුවන් ගමන් වාර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා 1979 ක්ෂණික දුරකථන අංකය, +94 11 777 1979 දුරකථන අංකය හෝ +94 74 444 1979 WhatsApp අංකය ඔස්සේ විමසීම් කළ හැකි බවයි දැනුම් දී ඇත්තේ.
එමෙන්ම, ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ද ගුවන් ගමන් පිළිබඳ නවතම තොරතුරු ලබාගත හැකි බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළා.