දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්වූ උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සිට බදුල්ල දක්වා මඟී ප්‍රවාහන දුම්රිය සේවාව අද (20) සිට නැවත ආරම්භ කර තිබෙනවා.
අඹේවෙල සහ නානුඔය අතර පිහිටි පැරකුම්පුර ප්‍රදේශයේ දුම්රිය මාර්ගය නාය යෑමකට ලක්ව වුණා.
ඒ හේතුවෙන් මෙතෙක් දුම්රිය ධාවනය වූයේ අඹේවෙල සහ බදුල්ල දක්වා පමණි.
දුම්රිය ඉංජිනේරුවන් ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය සහ පෞද්ගලික ආයතනයක් එක්ව එම නායගිය ස්ථානය සම්පුර්ණයෙන්ම පිළිසකර කිරීමෙන් පසුව මෙලෙස අද (20) සිට දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ අනුව අද උදෑසන 9ට නානුඔය දුම්රිය ස්ථානයේ පැවැති සර්ව ආගමික වතාවත්වලින් පසුව පොඩි මැණිකේ දුම්රිය නානුඔය සිට බදුල්ල බලා ගමන් ආරම්භ කළා..