මිලියන 04ක් තවමත් ‘TIN’ අංකය අරගෙන නැහැ - IRD

PranaNews.lk

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය තවත් පුද්ගලයින් මිලියන 4ක පමණ පිරිසක් ලබාගෙන නොමැති බව දේශීය ආදායම් දෙපාර්මේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වන විට පුද්ගලයින් මිලියන 13කට වැඩි පිරිසක් ටින් අංකය ලබාගෙන ඇති බවයි.

වයස අවුරුදු 18 සම්පුර්ණ වූ සියලු පුද්ගලයින් ටින් අංකය ලබා ගැනීම අනිවාර්යය කර තිබෙනවා.

මේ අනුව මෙරට පුද්ගලයින් මිලියන 17ක පමණ පිරිසක් ටින් අංකය ලබාගත යුතු වනවා.